බහරේනයේදී පැවැත්වෙන 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල (3rd Asian Youth Games 2025) යටතේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් හිමි වී තිබෙනවා.
ඒ අනුව, චතුර දුලංජන විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර, ඔහුගේ දක්ෂතාවය මීටර 62.51ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම, ශනුක කොස්තා විසින් පිරිමි මීටර 400 ධාවන ඉසව්වේ අවසන් තරගයේදී ලෝකඩ පදක්කම හිමි කර ගනු ලැබුවා.
ඔහු මෙම ඉසව්ව තත්පර 47.72ක කාලයකින් අවසන් කළ අතර, එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ලෙසද සටහන් වූ බවයි ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කළේ.

