NEWS

ආහාර මිල උස්සන සමාගම් ගැන සොයයි

ආහාරපාන වල මිල ගණන් හිටි හැටියේ ඉහළ දමන ලෙස ඉල්ලා සිටින සමාගම්වල නීත්‍යානූකූලභාවය සම්බන්ධයෙන් සොයා බලන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, වර්තමානයේ භාණ්ඩ මිල අඩු විය යුතු බවත් හිතුමතේ එය කිසිවෙකුට වැඩි කළ නොහැකි බවයි.

මේ අතර, මෙවර අයවැයෙන් ආපනශාලා හා අවන්හල් සඳහා සහන සපයා නොමැති බව පවසමින් ප්ලෙන්ටි, කිරි තේ ඇතුළු ආහාරපාන වර්ග කිහිපයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවූ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සදහන් කළා.

එමෙන්ම තිරිඟු‍ පිටි මිල රුපියල් 10කින් අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කළා.

මීට සමගාමීව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කර ඇති බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »