එක්දින ලෝක ශූරියෝ ඉන්දියාවෙන්

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (2) සමත් විය.

නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 299ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමග ඉන්දීය පිරිමි හා කාන්තා කණ්ඩායම් දිනාගත් ක්‍රිකට් ලෝක කුසලාන සංඛ්‍යාව 5ක් බවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »