කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේ තීරක මිචෙල් පෙරෙයිරා

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකික තරග තීරක මිචෙල් පෙරෙයිරා නම්කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකිකයකු තෝරාගනු ලැබ ඇත්තේ රන්ජන් මඩුගල්ලේ සහ වැනේසා ද සිල්වාට පසුව වීමද විශේෂත්වයක්.

2022 වසරේ දී වැනේසාද ද සිල්වා සමගින් අන්තර්ජාතික තරග තීරකවරියන්ගේ මණ්ඩලයට ඇතුළත් වූ මිචෙල් පෙරෙයිරා මෙලෙස වසර තුනක් ඇතුළත ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයක තීරක ධූරයට උසස්වීමක් ලබාගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »