NEWS

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් මුලින් පන්දු යැවීමට තීරණය කළා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45 ට නවසීලන්තයේ මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංකත් නවසීලන්ත කණ්ඩායමේ නායක ලෙස මිචෙල් සැන්ට්නර් කණ්ඩායම් දෙක මෙහෙයවනු ලබයි.

මිචෙල් සැන්ට්නර් නවසීලන්ත වයිට් බෝල් කණ්ඩායම්වල පූර්ණ කාලීන නායකයා ලෙස පළමු වරට අද සිය කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, නුවන් තුශාර අද තරග බිමට පිවිසෙනවා.

නවසීලන්තය වෙනුවෙන් ටිම් රොබින්සන්,රචින් රවීන්ද්‍ර, මාර්ක් චැප්මන්, ග්ලෙන් ෆිලිප්ස්, ඩැරල් මිචෙල්, මිචෙල් හේ ,මයිකල් බ්‍රේස්වෙල්, මිචෙල් සැන්ට්නර්, සකරි ෆොව්ක්ස්, මැට් හෙන්රි හා ජෙකොබ් ඩෆී තරග වැදීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »