ජනාධිපති අනුර කුමාර දිසානායක අද පස්වරුවේදී ඩුබායිහි පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුවේ 2025 වසරේ පූර්ණ සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.
අනාගත ආණ්ඩු හැඩගැස්වීම යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට ජනාධිපතිවරයා එක්වුණා.
ඒ අනුව ඊයේ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් හමු වූ ජනාධිපතිවරයා දෙරට අතර වෙළෙඳපොළ විවිධාංගීකරණය සම්බන්ධයෙන් සහ නව උපායමාර්ග සැලසුම් පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.
පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කරනු ලැබුවා.
මේ අතර බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනී බ්ලේයාර් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ද ඊයේ සිදු වුණා.
එහිදී මෙරට සෞඛ්‍ය, වරාය සහ සංචාරක ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබද බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළ ජනාධිපතිවරයා, ඒ සදහා ආයෝජකයින් යොමු කරන ලෙස ඉල්ලා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

