දකුණු අප්‍රිකානු කාන්තාවෝ ලෝක කුසලාන අවසන් සටනට

එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් විය.

ගුවහාතිහිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 320ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194ක් පමණි.

මෙය වසර 52ක (1973 වසරේ සිට) ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලාන තරගබිමේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව වේ.

ඒ අනුව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව හා බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම්වලින් පසු අවසන් මහා තරගයක් ක්‍රීඩාකරන රට බවට ඔවුන් පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »