පකිස්තානයේ ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවත දිවයිනට පැමිණීමට සූදානම් වන බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනට පකිස්තානයේ සංචාරයක නිරතව සිටින කණ්ඩායමට නියමිත පරිදි සංචාරය ඉදිරියට කරගෙන යන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

