පිලිපීනයේ ටාල් සක්‍රිය වෙයි

පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60ක් පමණ දකුණින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රිය වී තිබේ. 

මිනිත්තු 10ක් පමණ ඇතුළත පිපිරුම් දෙකක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එමඟින් කිලෝමීටර් දෙකක් පමණ ඉහළ අහසට පිපිරුමේ අළු සහ වාෂ්ප විසි වී ඇති බව සඳහන් වේ.

ටාල් ගිනි කන්ද අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ පවතී.

පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය පවසා ඇත්තේ තවදුරටත් අළු විමෝචනය හෝ කෙටි කාලීන පිපිරීම් ඇතිවීමේ හැකියාව පෙන්නුම් කරන බවය.

එමෙන්ම අළු පිපිරීම් සමඟ සැලකිය යුතු වායු සහ වාෂ්ප විමෝචනයන් සිදුව ඇති බව සඳහන් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »