ලබන 27 වැනිදා සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපයෙන් දිස්වේ

සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ දර්ශනයක් එළැඹෙන 27 වන ඉරිදා දැක බලා ගැනීමට මෙරට ජනතාවට අවස්ථාව හිමි වනවා.

තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා සඳහන් කළේ, ඉරිදා අලු‍යම් කාලයේ නැගෙනහිර අහසේ මෙම දුර්ලභ දර්ශනය දැකගත හැකි බවයි.

ඒ අනුව එම දර්ශනය පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »