ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ තවත් ලැව්ගින්නක්

ලොස් ඇන්ජලිස් ප්‍රාන්තයේ නව ලැව්ගින්නක් හේතුවෙන් දස දහස් ගණනක් ජනතාව ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඊයේ පස්වරුවේ ලොස් ඇන්ජලිස් නුවර සිට සැතපුම් 45ක් වයඹ දෙසින් නිවාස සංකීර්ණ හා පාසල් කිහිපයකට මායිම්ව පිහිටි කදුකර ප්‍රදේශයක මෙම ගින්න ඇවිලී ගොස් තිබෙනවා.

පැය කිහිපයක් තුළ අක්කර 9400කට වැඩි ප්‍රමාණයක් ලැව්ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙතෙක් නිවාස වලට හෝ ව්‍යාපාරවලට හානි සිදුව නැහැ.

ප්‍රදේශයේ පදිංචිකරුවන් 31000කට පමණ මේ වන විට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

පසුගිය දිනවල ද ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයෙන් ලැව්ගිනි වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »