NEWS

ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට

ආසියානු කුසලාන නැගීඑන තරු’ T20 ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවති තීරණාත්මක තරගයෙන් බංග්ලාදේශ ‘A’ ලකුණු 6කින් පරාජය කර අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 153ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්ඉරියව්නේ දක්ෂතා දැක්වීමට නායක දුනිත් වෙල්ලාලගේ සමත් විය.

පන්දුවට පහරදීමෙන් පන්දු 14කින් ලකුණු 23ක් රැස්කළ දුනිත්, පන්දු යැවීමෙන් ලකුණු 19කට කඩුලු 3ක් දවාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »