හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
සැකකරු සන්තකයේ තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 280ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

