NEWS

හොංකොං ඛේදවාචකය – මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට – 279ක් අතුරුදහන්

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදනව ඇති බව වාර්තා වේ.

මියගිය අය අතර ගිනිනිවන භටයෙකුද වේ.

එරට වේලාවෙන් ඊයේ (26) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි.

පැය 18 කට වැඩි කාලයක් තිස්සේ ඇවිළෙන මෙම ගින්න නිවාදැමීම සඳහා මේ වන විට ගිනිනිවන භටයින් 800කට වැඩි පිරිසක් සේවයේ යොදවා ඇත.

නිවාස 2,000කට ආසන්න සංඛ්‍යාවක් ඇති මෙම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් 4,600ක් පමණ වාසය කරන බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ඉදිකිරීම් සමාගම් විධායක නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »