NEWS

කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සදහා තාවකාලිකව වසා දැමේ

ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව යන දුම්රිය ස්ථාන අතර, සැතපුම් 65 දම්වැල් 64 ස්ථානයේ පිහිටි කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සදහා හෙට දිනයේදී වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට (15) උදෑසන 10 සිට 16වනදා උදැසන 06.00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තබන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එහිදී මෙම කාල සීමාවන් තුළ ඇති විය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »