NEWS

බීම යැයි සිතා ඩීසල් පානය කළ දරුවෙකු මරුට

යාපනය, කයිට්ස්, නාරාන්තනෙයි ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක දරුවෙකු ඩීසල් ශරීරගත වීම නිසා පසුගිය 22 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාරන්තනෙයි ප්‍රදේශයේ පදිංචි සතිෂ් සංජිත් නැමති දරුවෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ, මියගිය දරුවාගේ පියා තවත් අයෙකු සමග එක්ව අත් ට්‍රැක්ටරයක් අලුත්වැඩියා කොට ඇති අතර, එයින් ඉතිරි වූ ඩීසල් හිස් සිසිල් පැන් බෝතලයකට දමා තිබෙනවා.

එහිදී, එම බෝතලය තුල තිබූ ඩීසල් යම්කිසි බීම වර්ගයක් බව සිතා මෙම දරුවා විසින් එය පානය කොට තිබෙනවා.

අනතුරුව, දරුවා අසාත්මිකතාවයක් පෙන්නුම් කිරීම නිසා වහාම ඔහුව කයිට්ස් රෝහලට රැගෙන ගොස් ඇති අතර, තත්ත්වය අසාධ්‍ය නිසා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබද්දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »