ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක මෙක්සිකෝව සහ දකුණු කොරියාව අතර මෙරට වේලාවෙන් අද (19 ) උදෑසන අවසන් වූ තරගයෙන් ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ අදියර හෙවත් අවසන් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ප්‍රථම කණ්ඩායම බවට පත්වීමට ද මෙක්සිකෝවට හැකිවිය.
මෙක්සිකෝවේ Estadio Akron ක්‍රීඩාංගණයේ 46,000කට අධික ප්‍රේක්ෂක සහභාගිත්වයක් මැද පැවති මෙම තරගය, ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක අතර ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය.
තරගයේ පළමු අර්ධය පුරා දෙපිලේම ආරක්ෂක වළලු දැඩිව ක්‍රියාත්මක වූ බැවින් කිසිදු කණ්ඩායමකට ගෝලයක් රැස් කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැත.

