NEWS

බහුතර බලයක් ලබාගෙන නොමැති පළාත් පාලන ආයතන වල සභාව පිහිටුවීම ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

සියයට 50ක බහුතර බලයක් ලබාගෙන නොමැති පළාත් පාලන ආයතන වල සභාව පිහිටුවීම, අදාළ සභිකයන්ගේ එකඟතා මත සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. 

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, එම ආයතනවල ප්‍රධාන තනතුරු පත්කිරීම, ඡන්ද විමසීමකින් හෝ වෙනත් එකඟතා මත සිදු කළ යුතු බවයි. 

මේ අතර, පෙරේදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ සභිකයින්ගේ නම් ලැයිස්තුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම ඉදිරි දිනකදී සිදු කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »