NEWS

225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි – 11,790කට විෂයන් 9ටම A සාමාර්ථ

2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළාය. 

සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

මෙහිදී සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 11,790ක් බවද ඇය පැවසීය.

එමෙන්ම විද්‍යාව සහ ගණිතය විෂයන් සමත් ප්‍රමාණය පසුගිය වසරට සාපේෂ්ව ඉහළගොස් ඇති බව ඇය සඳහන් කළේය.

ඉන් මෙවර 70.1%ක් විද්‍යාව සමත්ව ඇති බවත් පසුගිය වසරේ එය 69.07%ක්ව තිබූ බවත් පැවසීය.

එමෙන්ම ගණිතය විෂය මෙවර 72.03%ක් සමත් වී ඇති අතර,  පසුගිය වසරේ එය 71.06%ක තිබූ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »