යක්කල ප්රදේශයේ දී නීති විරෝධී විද්යුත් දුම්වැටි 65ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 42ක් වන විරඟුල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
අදාළ සැකකරු විසින් අන්තර්ජාලය ඔස්සේ පාසල් ළමුන් හා තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් මෙම විද්යුත් දුම්වැටි අලෙවි කිරීම සිදුකරන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

