පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩය යටතේ අද (23) පැවති මූලික වටයේ තරගයකින් ජෝර්දානය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇල්ජීරියානු කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමු අර්ධය පුරා දෙපිලෙන්ම ප්‍රබල සටනක් දියත් වූ අතර, තරගයේ 36 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජෝර්දාන කණ්ඩායමේ නිසාර් අල්-රෂ්දාන් (Nizar Al-Rashdan) ගෝලයක් වාර්තා කරමින් තම කණ්ඩායමට 1-0ක පෙරමුණක් ලබා දීමට සමත්ව තිබෙනවා.

