දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විටින් විට තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ පිළිබඳ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (21) පෙ.ව. 11.00 ට මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති අතර, එය හෙට (22) පෙ.ව. 11.00 දක්වා බලපැවැත්වේ.
පහත පළාත් සහ දිස්ත්‍රික්ක සඳහා ‘සූදානම් වන්න’ මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
එනම් උතුරු සහ උතුරු-මැද පළාත් හා මහනුවර, මාතලේ, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය අදාළ වේ.
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය මත පදනම්ව, අදාළ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40 – 50 පමණ දක්වා වන තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.
එබැවින් තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

