නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්රීරෝද රථයක් මෝහිණි ඇල්ල අසළදී ප්රපාතයකට පෙරළීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ පාසල් ළමුන් තිදෙනා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර තිබේ.
නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්රීරෝද රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්රධාන මාර්ගයේ මෝහිණි ඇල්ල අසළදී ප්රපාතයට පෙරළීමෙන් එම ත්රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී පාසල් ළමුන් තිදෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා මස්කෙළිය ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවූ පාසල් ළමුන් තිදෙනා දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.
අද (22) උදෑසන 8:15ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්රපාතයට පෙරළී මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබද පරීක්ෂණ පවත්වන නල්ලතන්නිය පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේය.
අනතුරින් මිය ගොස් ඇත්තේ, ත්රීරෝද රථයේ රියදුරා සහ ත්රීරෝද රථයේ ගමන් ගත් වැඩිහිටියෙකු බවත්, ත්රීරෝද රථය අනතුරට පත්වන අවස්ථාවේ ත්රීරෝද රථය තුළ පස් දෙනෙකු ගමන් කර ඇති බවත් පොලීසිය පැවසීය.

