NEWS

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (03) අලුයම ස්වයක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසා තිබේ.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි ඇති වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකය දන්වා සිටියි.

මේ අතර එම ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »