NEWS

admin

ඇමරිකාවේ දැවැන්ත විරෝධතාවයක්

සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව ඇමරිකාවේ විරෝධතා අද (09) තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා.  විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොස්ඇන්ජලීස්, සැන්දියාගෝ සහ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරවල මෙලෙස විරෝධතා ක්‍රියාත්මක බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස්ඇන්ජලීස් වෙත යොදවා ඇති ජාතික ආරක්ෂක ඒකක විරෝධතාකරුවන් පාලන කිරීම සඳහා කඳුළු ගෑස් භාවිතා කර තිබෙනවා.

Read More

රජයෙන් විශේෂ සැලැස්මක්

යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමෙන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වූ වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.  මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ එම පිරිස වසර 05ක කාලයක් සඳහා බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (09) අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි.

Read More

ගම්මන්පිල CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.  ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස CIDයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Read More

ට්‍රම්ප්ගේ ප්‍රබල නියෝගයක් අද සිට ක්‍රියාත්මක වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් විසින් රටවල් 12ක පුද්ගලයන්ට එරටට ඇතුලුවීම සඳහා පැනවූ තහනම් නියෝගය අද (09) සිට ක්‍රියාත්මක වනවා.  ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල්වලට මෙම  තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ,  ඊට අමතරව, බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයන්…

Read More

නීති විරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි 7600ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.  සැකකරු වයස අවුරුදු 20 ක් වන ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read More

අද සිට විශේෂ දුම්රිය ගමන්වාර රැසක්

පොසොන් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කෙටුවේ සිට අනුරාධපුරය දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක වන බවයි.  මෙම විශේෂ දුම්රිය සේවා ලබන 11වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. 

Read More

චීන – ශ්‍රී ලංකා වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කරයි

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළඳ, ආර්ථික සම්බන්ධතා තවදුරටත් වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.  ඒ චීනයේ වෙළද හා වාණිජ අමාන්‍ය වන්ග් වෙන්ඩාවෝ සහ මෙරට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ හමු වූ අවස්ථාවේදීයි. එහිදී ඊට අදාළව ගිවිසුම් කිහිපයකටද අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

Read More

ට්‍රම්ප්ට අකරතැබ්බයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඊයේ (08) අකරතැබ්බයක් සිදු වී තිබෙනවා.  විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු නිව් ජර්සිහී මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම සඳහා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යානයේ පඩිපෙළ නගිමින් සිටියදී ඒ මත පය ලිස්සා ඇදවැටී ඇති බවයි.

Read More

පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ පොහොට්ටුවේ 750ක් අද දිවුරුම් දෙයි

පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ නවක සභිකයන් 750දෙනෙක් දිවුරුම්දීම අද (09) සිදු කිරීමට නියමිතව තිබෙනවා.  එම පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම දිවුරුම්දීමේ වැඩසටහන පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

Read More

පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය දක්වා අතිරේක බස් රථ

පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය දක්වා අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව දැනුම් දුන්නා. මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති එම අතිරේක බස් රථ සේවාව ලබන 11 වනදා දක්වා ක්‍රියාත්මක බවයි…

Read More
Translate »