අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩී ගොස් එම රථයේ ගමන් ගත් මගීන් සිව්දෙනෙකු තුවාල ලබා අද (25) වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පවසනවා.
මෙම අනතුර සිදු වි ඇත්තේ, අද උදෑසන 6.40ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදීයි.
ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වූ හැටන් ලංගම ඩිපෝවේ බස් රථය සහ හැටන් සිට මහනුවර දක්වා පෞද්ගලික බස් රථය එකිනෙක ගැටි මෙම අනතුර සිදු වී තිබෙනවා.
හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථය දැක බස් රථයේ තිරිංග ක්‍රියාත්මක කිරිමේදී පෞද්ගලික බස් රථයේ පසුපස කොටස ලිස්සා ගොස් ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පිටුපස කොටස දෙකට කැඩිමෙන් ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය පවසන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ සිව්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත්, පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙසත්, වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
අනතුරෙන් පෞද්ගලික බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.