තත්ත්වය සමථයකට පත් වන තෙක් අපනයනකරුවන් සඳහා SVAT ඉවත් කිරීම පිළිබඳ ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධනය හදිසි සහනයක් ලෙස අත්හිටුවන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ඔහු සිය X හි සටහක් තබමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව වෙත පනවන ලද තීරුබදු සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි මේ බව කියා තිබුණේ.
මේ අතර උද්ගතව ඇති තත්ත්වය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක තම සහාය ලබා ගැනීමට කැමති නම්, නව තීරුබදු සම්බන්ධයෙන් ඉදිරි මාවතක් සොයා ගැනීමට උදව් කිරීමට තමා කැමති බව ඔහු සිය X සටහනේ දක්වා තිබුණා.
එම සටහනේ ඔහු වැඩිදුරටත් දක්වා තිබුණේ, “මෙම අර්බුදය ජාතිකයි. ප්‍රතිඵලය විශාල විය හැකිය. මගේ ස්ථාවරය සැමවිටම වූයේ ශ්‍රී ලංකාව (තීරුබදු) බිත්ති කඩා (වෙළඳ) පාලම් ගොඩනගා ගත යුතු බවයි.”
“ශ්‍රී ලංකාව වැනි රටවල් ප්‍රධාන වෙළඳ හා ආයෝජන ප්‍රතිසංස්කරණ සිදු නොකරන්නේ නම්, අපට කලාපය සමඟ ඒකාබද්ධ වීමට නොහැකි වනු ඇතැයි මම ඊයේ BIMSTEC සංවාදයේදී තර්ක කළා. භාණ්ඩ හා සේවා ලිබරල්කරණය කිරීමට අප කැප නොවන්නේ නම්, RCEP අප සිහිනයක් පමණක් බව මම සැමවිටම තර්ක කර තිබෙනවා” යනුවෙන්.

