NEWS

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද විවෘත කෙරේ

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ.

පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති මෙම ඒකකය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කිරීමට නියමිතය.

2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහා මෙම නව කොට්ඨාශය පිහිටුවා ඇත.

මෙම කොට්ඨාශය මගින් නීති විරෝධී ලෙස මුදල්, දේපළ සහ වත්කම් උපයා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම සිදු වේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කොට්ඨාශය සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »