නව අවුරුදු උදාව සැමරීමට අමෙරිකාවේ, නිව්ඕර්ලියන්ස් ප්‍රාන්තයේ බර්බන් ප්‍රදේශයට එක් රැස් වූ පිරිසක් අතරට ට්‍රක් රථයක් කඩා වැදී සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ වාර්තා වූ මෙම සිද්ධියෙන් 30 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් රෝහල් 05 ක ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
අධික වේගයෙන් ධාවනය කර ජනතාව අතරට කඩාවැදීමෙන් පසු ට්‍රක් රථයේ රියදුරු රථයෙන් පිටතට ගොස් පිරිස සිටි ප්‍රදේශයට වෙඩි තැබීමට ද උත්සාහ කර තිබෙනවා.
එහිදී ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හමුවේ සැකකරු මිය ගොස් ඇති බව සදහන්.
42 හැවිරිදි රියදුරු විශ්‍රාමික ඇමරිකානු හමුදා සාමාජිකයකු බවත් ඔහු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සාමාජිකයකු දැයි පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඔහුට සහාය දුන් පුද්ගලයන් සොයා ද විමර්ශන ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත්, එරට රහස් ඔත්තු සේවය සැක පළ කරන්නේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවටයි.