අල්ලස් ඉල්ලු සුරාබදු නියාමකවරු දෙදෙනාට බරපතළ වැඩසහිත වසර 28ක සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් දෙදෙනෙකුට ලිහිල්ව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු සුරාබදු නියාමකවරු දෙදෙනකුට බරපතළ වැඩසහිත වසර 28ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම් වසර හතකින් ගෙවී යා යුතු බවට නියෝග කළේය. 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙම තීන්දුව ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »