ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට බලපෑම් කළ හැකි ජලජ ජීවීන් 3500කට අධික ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගැනුනා.
ඒ රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මතයි.
මොවුන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුරතල් මසුන් ව්‍යාපාරික කටයුතු වල නිරත කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
අදාළ ගමන් මලු තුළ රතු කන් ඉබ්බන්, ඇළි රතු කන් ඉබ්බන්, රතු වළිග මගුරන්, ඇළි කිඹුල් මත්ස්‍යයන්, විවිධ වර්ග වල ගොළුබෙල්ලන් සහ ඌරෙකුගේ මෙන් නාසයක් ඇති පිග් නෝස් ඉබ්බන් ද සිටිනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති රතු කන් ඉබ්බන් වර්ග දෙක දැනට ලෝකයේ සිටින ආක්‍රමණශීලීම ඉබ්බන් විශේෂයක් බවත්, එසේම රතු වළිග මගුරන් ද, එම මසුන්ට වඩා විශාල මසුන් පවා ඉතා පහසුවෙන් ගිල දැමිය හැකි මත්ස්‍යයන් විශේෂයක් බවත් රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ උසස් නිලධාරීවරයෙකු පැවසුවා.
රේගු විමර්ශනයකින් පසුව මෙම ජලජ ජීවීන් තොගය ආපසු තායිලන්තය බලා ප්‍රති අපනයනය කිරීම සදහා භාර දීමට නියමිතයි.