NEWS

ඉදිරි පැය 48 සඳහා කැලණි ගඟ අවට ප්‍රදේශයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, බියගම, කඩුවෙල, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රා.ලේ කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »