වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, මුදල් වංචා පිළිබඳ පොලිසියට අවශ්‍ය සිටි, ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපළින් මෙරටට රැගෙනවිත් තිබුණා.
මෙලෙස රැගෙනවිත් තිබුණේ, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ සහ මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි නැමැති දෙදෙනායි.
කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබුණා.
ඊයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පැන යාමට කළ සැලසුමට සහය වූ රවිඳු සංදීප ගුණසේකර නමැති පොලිස් කොස්තාපල්වරයා ද ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඊයේ මෙරටට රැගෙන එනු ලැබුවා.
ඊට අමතරව නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි අමිල චන්ද්‍රානන්ද නැමැත්තා ද ඊයේ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ අතර ඔහුට එරෙහිව 2015 වසරේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2018 වසරේ පුද්ගලයෙකු මන්නා පිහියකින් කපා තුවාල කිරීම, නීති විරෝධි ගිනි අවි ලග තබා ගැනීම සහ ජීව උණ්ඩ ලග තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් පවතිනවා.

