NEWS

ඉන්දියාවේ තහනම් වූ පකිස්ථාන චිත්‍රපටය

බ්ලොක් බස්ටර් පකිස්තාන් චිත්‍රපටයක් ප්‍රදර්ශනය සඳහා අවසර ලබාදීම, දිල්ලි බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

1979 පන්ජාබ් චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් වන “ද ලෙජන්ඩ් ඔෆ් මවුලා ජට්” පකිස්ථානයේ මෙතෙක් වැඩිම ආදායම උපයාගත් චිත්‍රපටයයි.

මෙම චිත්‍රපටිය ඊයේ උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රදර්ශනය කිරීමට තිබූ අතර, එය දශකයකට වැඩි කාලයකට පසුව ඉන්දියානු තිරයට පැමිණී පළමු පකිස්ථාන චිත්‍රපටය වීමට ද නියමිත වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »