හඳුනා නොගත් රෝගයකින් ඉන්දියාවේ කාශ්මීරයේ පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
පවුල් තුනකට අයත් පුද්ගලයන් මෙලෙස මියගොස් තිබෙන බවයි සඳහන් වන්නේ .
කාශ්මීරයේ රජෝරි දිස්ත්‍රික්කයේ බඩාල් ගම්මානයේයි මෙම මරණ සිදුව ඇත්තේ.
මෙම මරණ හේතුවෙන් ගම්මුන් බියෙන් පසු වන බව විදෙස් වාර්තා සඳහන් කරනවා .
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම මරණ විමර්ශනය සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සඳහන් .
පසුගිය දෙසැම්බර් 7 වනදායි පළමු වරට මෙම අද්භූත රෝගය මතුව ඇති බවට වාර්තා වන්නේ .
ඉන් පසු එම ගම්මානයෙන් මරණ පහක් වාර්තා වී තිබෙනවා .
එක පවුලක සාමාජිකයින් 8 දෙනෙකුම මෙම රෝගයෙන් මිය ගිය බවයි වාර්තා වන්නේ.