ඉරානයේ විසින් ඊශ්‍රායල එල්ල කල ප්‍රහාරය විශාල වැරැද්දක් බව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
ලෙබනනයේ හිස් බුල්ලා සටන්කාමී කණ්ඩායමට සහය දක්වන ඉරානයෙන්, ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඊශ්‍රායලයේ සියලුම යටිතල පහසුකම් වලට පහර දෙන බවට ඉරාන මාණ්ඩලික ප්‍රධානියා අනතුරු අඟවා ඇති බව සඳහන්.
එමෙන්ම ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර නොකළහොත් ඔවුන් තම ප්‍රහාරය අවසන් කරන බවත් ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.
එසේ නොවුණහොත් ඊශ්‍රායලයේ ප්‍රහාරයකට ඔවුන්ගේ ප්‍රතිචාර වඩාත් ශක්තිමත් සහ බලවත් වනු ඇති බවට අනතුරු අගවා තිබෙනවා.
කෙසේ වෙතත් ආත්මාරක්ෂාව සඳහා මෙලෙස ප්‍රහාර එල්ල කළ බව ඉරාන විදේශ අමාත්‍යය සෙයිඩ් අර්ග් X සටහනක් තබමින් ප්‍රකාශ කළා.