ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දි ඊයේ (19) කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.
ඉෂාරාගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබාදුන් අතර, ඒ අනුව සංජීවගේ ඝාතනයෙන් පසු දින කිහිපයක් සැඟව සිටි බව කියන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා එලෙස රැගෙන ගොස් ඇත.
මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් පරිදි ඉෂාරාගේ රුවට සමාන රුවක් ඇති තරුණියක් සොයමින් සිටින අතරතුර ජැෆ්නා සුරේෂ්ට ‘තක්ෂි’ නැමැත්තිය හමුව ඇති බව වාර්තා වේ.

