ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල් සඳහා පූර්ණ අරමුදලක් සැපයීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මෙම වසරේ සහ ලබන වසරේ ඩොලර් බිලියන 16.5ක මුදලක් එරට රජය විසින් ලබා දීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කැන්බරාහි පැවති හමුවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ ඉදිරි වසර 10 සඳහා ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රජයේ පාසල් සඳහා ඩොලර් බිලියන 2.8ක මුදලක් ලබාදීමට සූදානම් බවයි.

