NEWS

කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන සොයාගෙන ඇත්තේ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

එහි රුපියල් කෝටි 3කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12ක් පමණ තිබී ඇතැයි පැවසෙයි.

වෙරළට ගොඩගසා තිබූ මෙම පාර්සලය ප්‍රථමයෙන් දැක ඇත්තේ ඒ අසල සංචාරක හෝටලයක සේවකයින් පිරිසක් වන අතර ඔවුන් ඒ බව ආරක්ෂක අංශ වෙත දැනුම්දී තිබුණි.

ඒ අනුව කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුරේ නිලධාරීන් පැමිණ අදාළ පාර්සලය විමර්ශන කටයුතු සඳහා රැගෙන ගියේය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලීසිය විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »