NEWS

කඩවත නගරයේ රාත්‍රී සමාජ ශාලාවක් සුරාබදු නිලධාරීන් වටලයි

කඩවත නගරයේ පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලාවක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

වැටලීම සිදුකළ අවස්ථාවේදී එහි තිබූ රජයට බදු නොගෙවා ආනයනය කල රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් බෝතල් තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබුණා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලද තොරතුරකට අනුව, ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදු කෙරුණා.

අනතුරුව මෙම රාත්‍රී සමාජ ශාලාවට මුද්‍රා තැබීමටයි සුරාබදු නිලධාරීන් පියවර ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »