NEWS

”ක්ලීන් ශ්‍රී ලංකා” අද ඇරඹේ

නව රජයේ ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළිදැක්වීමේ සිදු කෙරෙනවා.

අද උදෑසන 8.30 ට, ජනාධිපති කාර්යාලයේ දී එය ආරම්භ කිරීමට නියමිතයි.

ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය, පෙරේදා නිකුත් කෙරුණා.

2025 රාජකාරි කටයුතු ඇරඹීම මෙවර සිදු වන්නේ, ”ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීවයි.

මෙම එළිදැක්වීමේ වැඩසටහන සිදු කෙරෙන්නේ, රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධවයි.

”ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්ය සාධක බළකාය, ජනාධිපති කාර්යාලය හා එක්ව වැඩසටහන සම්පාදනය කර තිබෙනවා.

මෙමගින් ආදර්ශය ලබා දීම, පෙළඹවීම, යොමු කිරීම සහ වෙනස්වීමේ අවශ්‍යතාව ශක්තිමත්ව තහවුරු කිරීම තුළින් සමාජයක චර්යාමය වෙනස්කම් සිදු කිරීමේ ශක්තිමත් ප්‍රවේශයක් ලබා ගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »