NEWS

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද පස්වරු 6 සිට හෙට පෙරවරු 6 දක්වා කාලයක් කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට අවශ්‍ය ජලය රැස්කර ගන්නා මෙන් එම මණ්ඩලය ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »