NEWS

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 50 ක් මරුට

ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර 03 කින් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (09) දිනයේ දී පමණක් එල්ල වූ එම ප්‍රහාරවලින් තවත් 84 ක් තුවාල ලබා ඇති අතර, ඒ අතර කාන්තාවන් සහ ළමයින් ද වන බවයි.

එමෙන්ම, පලස්තීනයේ – ජබාලියා ප්‍රදේශය දින 65ක් පුරාවටම ඊශ්‍රායලයේ වැටලීමට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් එරට දහස ගණනක් ජනතාවට ආහාර හා ජල සැපයුම නතර වී ඇති බව එම වාර්තාවල සදහන්.

මේ හේතුවෙන් ඉදිරියේදී එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් සාගින්නෙන් පෙළෙනු ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »