ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වෙනි සංවත්සරයට සමගාමීව සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය අද උදෑසන වීරවිල ගුවන් හමුදා කදවුර ඉදිරිපිටින් ආරම්භ වුණා.
පිරිමි පා පැදි තරගය තෙදිනක් පුරා පැවැත්වෙන අතර එහි පළමු අදියර ලෙස අද වීරවිල සිට රත්නපුර දක්වා කිලෝමීටර් 140.05ක දුරක් ධාවනය කෙරෙනු ඇති.
ඒ සදහා තරගකරුවන් 168 දෙනෙකු එක්ව සිටිනවා.
මෙවරත් ගුවන් හමුදා පාපැදි සවාරියේ නිල ගුවන් විදුලි මාධ්‍ය අනුග්‍රහය දරණු ලබන්නේ හිරු එෆ් එම් ගුවන්විදුලියයි.