NEWS

ජනපති මැයි 04 වියට්නාමයේ සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ එළඹෙන වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයා එළැඹෙන මැයි මස 04 වැනි දින සිට 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවයි. 

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා වියට්නාම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. 

මේ අතර වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන් රැසක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හමුවීමට නියමිත බවත් එහි දැක්වෙනවා. 

එමෙන්ම හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත අතර, එහි දී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමට නියමිත බවයි අමාත්‍යංශ නිවේදනයේ සඳහන්ව ඇත්තේ. 

තවද මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සත් තැබීමද අපේක්ෂා කරන අතර ව්‍යාපාරික ප්‍රජාව සමග ද එක්වීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වීමට නියමිත‍යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »