NEWS

ජැමෙයිකාවට සහ කියුබාවට විදෙස් ආධාර

මෙලිසා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාව මානුෂීය ආධාර සහ ආපදා සහන ටොන් 40ක ද්‍රව්‍ය යවා තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඒ හරහා අර්බුදකාරී කාලවලදී ගෝලීය දකුණු හවුල්කරුවන් සමඟ සිටීමට නවදිල්ලියේ කැපවීම නැවත තහවුරු කර ඇති බවය.

අදාළ රටවල් දෙක සඳහා ටොන් 20 බැගින් සහනාධාර රැගත් ඉන්දීය ගුවන් හමුදා ගුවන් යානයක් ඊයේ උදෑසන නවදිල්ලියෙන් පිටත්වී ගොස් තිබුණි.

මෙම ආධාර අතර ආහාර ද්‍රව්‍ය, ඖෂධ, වෛද්‍ය උපකරණ, විදුලි ජනක යන්ත්‍ර, සනීපාරක්ෂක කට්ටල සහ තවත් ආධාරක ද්‍රව්‍ය තොගයක් ඇතුළත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »