NEWS

ටයිල් ලොරිය පෙරලී සිදු වූ බිහිසුණු අනතුර

කොළඹ සිට බදුල්ල දක්වා ටයිල් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද උදෑසන (23) දෙමෝදර හංදියේදී මාර්ගය මැද පෙරලීමෙන් කොළඹ බදුල්ල මාර්ගයට බාධා එල්ල වී තිබෙනවා.

ලොරි රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම නිසා මෙසේ වංගුව ගැනීමේදී පෙරලී අනතුරට ලක්ව ඇති බවටයි වාර්තා වෙන්නේ.

අනතුරින් රියදුරුට සහ සහයකට තුවාල සිදු වී නොමැත.

පහළ මාර්ගයේ නවතා තිබු ත්‍රිරෝද රථයකට සුලු හානි සිදු වී ඇති අතර, ලොරි රථයේ තිබූ ටයිල් කැට සියල්ල විනාශ වී තිබුණා.

මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »