NEWS

ඩිජිටල් ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

නවතම ඩිජිටල් ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් සහ ජංගම දුරකථන භාවිතයෙන් ඩිජිටල් ගෙවීම් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මහ බැංකුව විසින් සංවිධානය කර තිබෙනවා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහභාගීත්වයෙන් එය හෙට සහ අනිද්දා යන දෙදින තුළ නුවරඑළිය ග්‍රෙගරි ලේක් රථගාලේදී පැවැත්වෙන බවයි මහ බැංකුව නිවේදනය කළේ.

එම අවස්ථාවට බැංකු, මූල්‍ය සමාගම් සහ විදුලි සංදේශ සමාගම් වැනි විද්‍යුත් මුදල් සේවා සපයන්නන් සහ ජංගම ගෙවීම් යෙදුම් සේවා සපයන්නන් එක්වනු ඇති.

එමෙන්ම, සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් මෙන්ම මහබැංකු ප්‍රකාශන ද මෙහිදී මිලදී ගත හැකි බව මහ බැංකුව සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »