NEWS

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කථානායක ආචාර්ය අශෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු රැස්වීම ලබන 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ජනාධිපතිවරයා විසින් පසුගිය 21 වැනිදා පළමු සැසිය අරඹමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය අද ආරම්භ වන අතර එය හෙට දක්වා පැවැත්වෙනු ඇති.

ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, ලබන වසරේ පළමු මාස 04 සදහාවන අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය ද හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණෙනු ඇති.

මේ අතර, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කර තිබෙනවා.

එමෙන්ම, පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වාගේ නම යෝජනා කිරීමටයි විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර ඇත්තේ.

ඒ සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂයේ පක්ෂවල එකගතාවය පළව තිබෙනවා.

මේ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි අනුරාධ ජයරත්න නම් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »