ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන රතු බලකොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ප්‍රබල පිපිරීමක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිපිරීමෙන් 08 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවය.
මෝටර් රථයක් තුළ සිදුව ඇති පිපිරීමත් සමග විශාල ගින්නක් ඇතිවී ඇති අතර එය නිවාදැමීමට ගිනිනිවීම් රථ 20ක් පමණ යෙදවීමට සිදුව තිබුණි.
තුවාල ලැබූවන් රැසක් ලෝක් නායක් ජායි ප්‍රසාද් රෝහල වෙත ගෙන ගොස් තිබේ.
මේ අනුව දිල්ලි නුවරට අධි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර, ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇත.
මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ද යන්න කිසිවක් මෙතෙක් තහවුරු කර නැහැ.

